Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැඟ වූ ආයුධ පෙන්වීමට ගොස් මියගිය ලැයිස්තුවට තවත් නමක් එක්වෙයි! අංගොඩ ලොක්කාගේ ප්‍රධානම ගෝලයෙකු ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළකට ඇඳ වැටී මිය යයි!

3 years ago 866

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීමේදී ආයුධ තොගයක් කඩුවෙල වැයික්කිවත්තේ සඟවා තිබෙන බවට සැකකරු ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සැකකරු එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී සැකකරු එම ගල්වලින් පහතට ඇඳ වැටී බරපතළ තුවාල ලබා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මිය ගිය සැකකරු පළා යාමට තැත් කිරීමේදී සිදු වූ පොර බැඳීමේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිළදාරියකු ද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුට බරපතල චෝදනා 13 ක් ඇතැයි පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ කඩවත ඉහල බියන්විල පදිංචිකරුවකු වන තුවාන් සිරාන් හාර්හාර් නමැතිවිරිදි පුද්ගලයෙකි.

වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේදී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔහුට එරෙහිව ඇති එක් අපරාධ චෝදනාවකි.

ඊට අමතරව 2016 වර්ෂයේ මෝදරදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම, 2017 සහ 2019 වර්ෂවලදී වැල්ලම්පිටියේදී පුද්ගලයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සහ 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති අනෙකුත් මනුෂ්‍ය ඝාතන චෝදනා අතර වෙයි.

එසේම මියගොස් ඇති ඇසැකකරු 2016 වර්ෂයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගංජා ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ ජීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව ඇති සැකකරු, එම වර්ෂයේදීම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව ඇති බවද පොලීසිය පවසයි.

ඔහු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේද මරණයට පත්වී ඇති තුවාන් සිරාන් නැමැත්තාය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට පත්වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *