නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
‘ලංග්‍යා’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වයිරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි.
‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘ලංග්‍යා’ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.
තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි.
සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද ‘ලංග්‍යා’ වයිරසය සමත් වෙයි.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ