Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පසුගිය මාස 05ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02ක් පමණ නීතියේ රැහැනට

6 months ago

පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම හා සමගාමීව මත්ද්‍රව්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මත්ද්‍රව්‍ය පාලනය සහ සැපයුම් ජාලය වැළැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ පරිහරණය කිරීම සඳහා පැමිණි මත්ද්‍රව්‍යය තොග බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අතීතයේ දේශපාලන රැකවරණය තිබුණත් වර්තමානයේ එවැන්නක් සිදු වී නැති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

අනාගතයේ මේ රට, මතින් තොර රටක් බවට පත් කිරිමේ මෙහෙයුම් ආරම්භකර ඇතැයි කී අමාත්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ ජනතාවට ලබාදුන් එක් පොරොන්දුවක් බවත්, ඒ වෙනුවෙන් රජය මේවවන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා රට තුළ දැවැන්ත මෙහෙයුම් ජාලයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය වැටලීම් දිගින් දිගටම සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බවත්, ඒ් සඳහා පුනුරුත්ථාපන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ මේ වනවිට සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වන බවත් ඒ ඒ ප්‍රදේශවල මහජනයා සමග බද්ධවෙමින් අදාළ කටයුතු සිදුකෙරෙන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *