විනාශයට පත් වූ එක් නිවසක් නිවාස 2 ක් ලෙස නම්කර එහි අලාභය පිළිබඳව තක්සේරු වාර්තා ඉදිරිපත් කරමින් වන්දි මුදල් සහ නිවාස ලබා ගැනීමට දේශපාලනඥයන් 05 දෙනකු කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.
තමන්ට සිදු වූ අලාභය රුපියල් කෝටි 100 කට අධික බවට වාර්තා ඉදිරිපත් කරමින් වන්දි මුදල් ලබාගැනීමට එක්තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග
හෙළි කරයි.
එමෙන්ම විනාශයට පත් වූ නිවාසවල සහ ගොඩනැගිලිවල නොතිබුණු වටිනා භාණ්ඩවල ලැයිස්තු ඉදිරිපත් කරමින් ඇතැම් දේශපාලනඥයෝ ඒ වෙනුවෙන් අසීමිත මුදලක් ලබා ගැනීමට ද උත්සාහ දරමින් සිටිති.
විනාශයට පත් වූ තම නිවාසවල රන් භාණ්ඩ මුදල් ඇතුළු වටිනා දේපොළ විශාල වශයෙන් තිබූ බව කියමින් ඇතැම් දේශපාලනඥයන් ඒ වෙනුවෙන් තක්සේරු වාර්තා ද ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් පවසන්නේ තම දේපොළ විනාශයට පත් වූ දේශපාලනඥයන් ඉදිරිපත් කර ඇති තක්සේරු වාර්තා බොහොමයක් පිළිගත හැකි ඒවා නොවන බවයි.
මෙම දේශපාලනඥයන්ගේ විනාශයට පත් වූ තම දේපොළ වෙනුවෙන් අසීමිත වන්දි ඉදිරිපත් කර ඇතත් මොවුන් එම දේපොළ ඉපයූ ආකාරය පිළිබඳව කිසිදු විමසීමක් හෝ පරීක්ෂණයක් කිරීමට මේ වන තුරු කටයුතු කර නොමැති බව ද විමර්ශන කණ්ඩායම් පවසති.
මේ හේතුව නිසා එම දේශපාලනඥයන් ඉදිරිපත් කරන දේපොළ තක්සේරු වාර්තා තමන්ට පිළිගැනීමට සිදු වී ඇති බවද ඔවූහු කියා සිටිති.
ඉකුත් මැයි 09 වැනිදා රටපුරා ඇති වූ කලබලකාරී සිද්ධීන් වලින් පසු දේශපාලනඥයන් 76 දෙනෙකුට ආසන්න පිරිසකට අයත් දේපොළ සංවිධානාත්මක පිරිස් විසින් ගිනි තබා විනාශ කර තිබිණි.
ඇතැම් ප්‍රචණ්ඩකාරීන් විසින් මෙම නිවාස සහ ගොඩනැඟිලිවල තිබූ වටිනා දේපොළ ද කොල්ලකා ගෙන ගොස් තිබූ බව විමර්ශන වලින් හෙළි විය.
උපුටාගැනීම – ‘දිවයින’ පුවත්පත
NEXT : මීටර් ටැක්සිවලට වැඩි ඉන්ධන කෝටාවක්
PREVIOUS :

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී