අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා පවත්වා ගෙන යාම සඳහා පෞද්ගලික ආයතන වෙත ලබා දී ඇති අවසරය තාවකාලිකව අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරියගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එකාබද්ධ ගුරු සේවා සංගමය පවසනවා.
මීට අමතරව පසුගිය කාලයේ පාසල්වලට පත්වීම ලබා දුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය ලබාගත් පිරිස් පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කළා.
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඍජුව ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 (ii) ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කරන අතර, එලෙස බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන පවතින එකම පිරිස වෙන්නේ ද අධ්‍යාපනවේදී උපාධිධාරීන් පමණක් බව සංගමය පවසනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පවතින එකම වෘත්තීයමය උපාධිය අධ්‍යාපනවේදී උපාධිය පමණක් බවත් එම අවසරය අවභාවිත කරමින් පසුගිය කාලය පුරා පෞද්ගලික ආයතන රැසක් අධ්‍යාපනවේදී උපාධිය නමින් පාඨමාලා පවත්වා ශ්‍රී ලංකා ගුරු සේවයට එම උපාධිධාරීන් ඍජුවම ඇතුළත් කිරීම ව්‍යාපාරයක් ලෙස සිදු කරමින් පවතින බවත් ලේකම් අමිල සඳරුවන් සඳහන් කළා.
එම ක්‍රියාව අධ්‍යාපනවේදී පාඨමාලාවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු ඇති කරමින් තිබෙන බවත් මේ නිසා පෞද්ගලික අංශයෙන් මෙම උපාධිය ලබා දීම නවතාදමා රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් මෙම උපාධිය ලබාගත් පිරිස් කඩිනමින් බඳවා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරියගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියා.
රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධි ලබාගත් පන්සීයකට වැඩි පිරිසක් හා පළාත් වශයෙන් පැවැත් වූ ගුරු විභාගවලින් සමත් වූ 15000කට අධික පිරිසක් මේ වන විට රැකියා විරහිතව සිටින බවත් පැවසූ ලේකම්වරයා ගුරු සේවයෙහි පුරප්පාඩු 40000කට අධික ප්‍රමාණයක් පවතින බවත් එසේ තිබියදී පසුගිය කාලයේදී වැඩිපුර උනන්දුවක් දක්වනු ලැබුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් පිරිස් ගුරු සේවයට බඳවා ගැනීමට බවත් පෙන්වාදෙනවා.
කොළඹ සහ පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ සඳහා බඳවා ගනු ලබනුයේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සමත් වන ඉහළම සුදුසුකම් සහිත සිසුන් පිරිසක් වන අතර ඔවුන්ගෙන්ද පළමු වසර ඉහළම ලකුණු සාමාර්ථ සහිත සීමිත සිසුන් පිරිසක් පමණක් අධ්‍යාපනවේදී උපාධිය සඳහා තෝරා ගැනීම සිදුකරන බවද ලේකම්වරයා පවසා සිටියා.
ඒ අනුව ජාතික විශ්වවිද්‍යාලවලින් බිහිවෙන අධ්‍යාපනවේදී උපාධිධාරීන් එම පාඨමාලාව සඳහා තෝරා ගැනීම ඉහළ තරගකාරිත්වයක් සහිත ක්‍රියාවලියක් බවත් එම සිසුන් උපාධිය සඳහා වසර 04 ක අධ්‍යාපනයක් හා ශාස්ත්‍රීය පරේක්ෂණයක් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පූර්ණ හා ඍජු අධීක්ෂණය යටතේ පාසල් වල පූර්ණ කාලීනව මාස කිහිපයක සීමාවාසික ගුරු පුහුණුවක් සම්පූර්ණ කිරීම සිදු කරන බවද ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි