Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

WhatsApp භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්

8 months ago

වට්ස්ඇප් යෙදුම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙරටදී දැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.

මෙම වංචා මඟින් ජනතාවට මුල්‍ය හා පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් දැඩි හානියක් සිදුවන අතර, වසරේ ගතවූ කාලසීමාව තුළ මෙවැනි වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 60ක් දක්වා වැඩි වී ඇති බවත් සදහන් වේ.

විශේෂයෙන්ම වට්ස්ඇප් මඟින් විශ්වාසවන්ත බවක් පෑමෙන් ලැබෙන මුණ ගැසීම්, රැකියා වාර්තා, හදිසි මුදල් අවශ්‍යතා සහ ත්‍යාග ලබාදීමේ ආකාරයන් යටතේ මෙම වංචා සිදුවන බව සඳහන්.

එසේම ඒවාට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සහ මූල්‍ය තොරතුරු වංචාකාර පුද්ගලයන්ගේ අතට පත් වීමෙන් විශාල අර්බුද රැසක් ඇති වේ.

ඒ අනුව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට උපදෙස් දෙන්නේ සැක සහිත පණිවිඩ හරහා කිසිඳු පුද්ගලික තොරතුරක් හෝ මුදල් විස්තර ලබාදීමෙන් වළකින ලෙසත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *