මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වූ චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ගෙන ඇති බව වාර්තා වෙනවා.
රේගුව කිලෝවොට් 100ක මෝටර් ධාරිතාවක් ප්‍රකාශයට පත් කර ඇතත්, මෙම මෝටර් රථවල කිලෝවොට් 150ක මෝටර් ධාරිතාවක් ඇති බවයි රේගුව පවසා ඇත්තේ.
කිලෝවොට් 100ක් මෝටර් රථයක් සඳහා තීරු බද්ද රුපියල් මිලියන 2.4ක්වන නමුත් 150 KW වාහනයක් සඳහා එම බද්ද රුපියල් මිලියන 5.4ක් පමණවන බවද වාර්තා වෙනවා.
තොග හයකින් මෙරටට ගෙන්වා ඇති මෙම මෙම BYD වාහන මෙම මාසයේ දින දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම වාහන මේවන විට වරායේ රඳවා ඇති බවද සඳහන්.
150kW මෝටර් රථයක් සඳහා අදාළ බද්ද 100kW වාහනයකට අය කිරීමට තීරණය කළහොත්, ගැණුම්කරුවෙකුට රුපියල් මිලියන 3ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ.
(source – hiru news)

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට