රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පත් කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ බව තීරණය විය.
දැනට බලාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සහ 3/2016 මගින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ කාරණා තීරණය වන බවත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට අදාළ රාජකාරී නිශ්චිත නොවීමත් විවිධ විෂමතා හා නොගැළපීම් හමුවේ අතෘප්තිකර තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධ විවිධ සංවාද සහ කථිකාවන් පසුගිය කාලයේ ඇතිවූ බවත් මෙහිදී අදහස් දැක්වූ අනුකාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
ඒ අනුව රාජ්‍ය සේවයේ වෘත්තීය බව ඉහළ නැංවීම සඳහා දැනට පවතින තනතුරු සහ ඊට අදාළ කාර්යයන්, වැටුප් තල යනාදිය පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයකින් අනතුරුව සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් ව්‍යුහයක් හදුන්වා දීමට අවශ්‍ය යෝජනා මෙම අනු කාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්