තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි 60 හැවිරිදි කතකට ලිංගික අතවර සිදු කළ කළුතර
ප්‍රදේශයේ ඖෂධ සැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා
ගැනීමට කළුතර – ගාලු පාරට මුහුණලා ඇති අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර,
එහිදියි ඇයට මෙම හිංසනය සිදුව ඇත්තේ.
අදාළ 47 හැවිරිදි වෛද්‍යවරයා විසින් මෙම තැනැත්තියගේ ශරීරයේ ද තුවාල ඇත්දැයි
පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව පවසා රෝහලේ දොරවල් සියල්ල වසා දමා සවස 5 සිට
රාත්‍රී 7.30 පමණ තෙක් ඇයව ලිංගික අතවරයට ලක් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට පැවසුවහොත් ඇයව මරණ බවට ද සැකකරු විසින් තර්ජනය කර
ඇති අතර, ඇය එයින් බියවීම හේතුවෙන් දින කිහිපයක් සිද්ධිය සඟවාගෙන සිට තිබෙනවා.
නමුත් ඇයට ඇති වූ මානසික පීඩාවත් සමග ඇය මේ බව කළුතර උතුර පොලිසියේ ළමා හා කාන්තා
කාර්‍යාංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුවයි අදාළ සැකකාර වෛද්‍යවරයාව පොලිස් අත්
අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විමර්ශන සිදු කරනවා.
NEXT : සැමියා නිවසේ සිටින බැළලිය සමඟ කායිකව හැසිරෙන බව පවසමින් බිරිඳ පොලීසි යයි

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්