Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුහුණු සරසවියෙන් දියවැඩියාව පාලනයට නව ඖෂධයක්

2 years ago 2.3 K

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය
පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කරාපිටියේ පිහිටි එම සරසවියේ වෛද්‍ය පීඨයේ ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහි දී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය පීඨයේ ජෛව රසායාන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක කියා සිටියේ, කෝවක්කා ශාකයේ රසායනිකයන් පිළිබඳ
දීර්ඝ කාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු ව මෙම ඖෂධය නිපදවීමට හැකිවූ බවයි.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩු කිරීමට
සමත්වන බව පර්යේෂකයින් තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව එමගින් ඖෂධීය කරලක් නිපදවීමට යි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

මෙම ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර ඇති අතර, එය දියවැඩියා රෝගීන් 158 දෙනෙකු
යොදා ගනිමින් සිදුකර තිබෙනවා.

පර්යේෂණයට එක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න කියා සිටියේ, මෙම ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

පර්යේෂණයට එක්වූ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක වන පියුමි වාසනා ප්‍රකාශ කළේ, වෛද්‍ය පීඨය මැදිහත්ව ඉදිරියේ දී මෙම ඖෂධය වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන
බවයි.

එසේම, කෝවක්කා පත්‍රයේ රසායනිකයන් හඳුනාගෙන වෛද්‍ය පර්යේෂණ මගින් ඖෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැළෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නො ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පර්යේෂණ කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *