සති දෙකක කාලයකින් පසුව යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධව සාමකාමී විසඳුමක් නොලැබුණහොත් රුසියාවට එරෙහිව සම්බාදක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර පසුගියදා ඇලෙස්කාවේදී රුසියානු – යුක්රේන යුද්ධය සඳහා සාමකාමී මාවතක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබුණි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සාකච්ඡාවන් හි අවසන් එකඟතාවයක් නොමැති වුවද සාකච්ඡා ඵළදායීව සහ පැවැති බවය.
එම සාකච්ඡාවලින් පසුව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර හමුවක්ද සිදුවූ අතර එහිදී ද යුක්රේන – රුසියා යුද්ධය සඳහා සාමකාමී මාවතක් ගෙන ඒම පිළිබඳව දැඩි ලෙස සාකච්ඡා වී තිබුණි.
කෙසේ නමුත් මෙම සාකච්ඡාවලින් අතරතුර වුවද පසුගිය දිනක යුක්රේනයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වෙත රුසියානු ප්‍රහාරයක්ද එල්ල විය.
මෙම ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයා සිය අදහස් දක්වා ඇති අතර එමගින් ඔහු පවසා ඇත්තේ සිදුකළ ප්‍රහාරය තමන් දැඩිව හෙළා දකින බවය.
ඒ අනුව සාමය සඳහා මාවතකට රුසියාව එළැඹෙන්නේ නැතිනම් තමන් රුසියාවට සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (22) පවසා තිබේ.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිදු කිරීමට නියමිත දේ සම්බන්ධව තමන් තීරණයක් ගන්නා බවත් ඒ අනුව එය දැවැන්ත සම්බාධක පැනවීමක්ද නොඑසේනම් දැවැන්ත තීරුබදු හෝ මෙම දෙකමද යන්න තමන් තීරණය කරන බවය.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්