එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් “ද බෑන්කර්” ගෝලීය ශ්‍රේණිගත කිරීමේ 2025 සංස්කරණයේ 931 වන ස්ථානයට පත්ව ඇත්තේ ලොව ශක්තිමත් ම බැංකු ආයතනවලින් සැදුම් ලත් මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමි ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකුව ලෙස තම විශිෂ්ඨත්වය නැවතත් තහවුරු කරමිනි.
ලොව විශාලතම බැංකු 5000 කට අධික සංඛ්‍යාවක දත්ත සමුදායකින් සම්පාදනය වන “ද බෑන්කර්” සඟරාවෙහි ප්‍රමුඛතම ගෝලීය බැංකු 1000 ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය පදනම් වන්නේ බැංකුවක මූල්‍ය ශක්තිය පිළිබඳ ප්‍රධාන දර්ශකය වන, පළමු පෙල (Tier I) ප්‍රාග්ධනය මත වන අතර එය කාර්යසාධනය හා ස්ථාවර බව මැනීම සඳහා යොදා ගන්නා කර්මාන්ත ප්‍රමිතිය ලෙස ද සැලකේ.
“ද බෑන්කර්” සඟරාව විසින් බැංකු විනිශ්චය කිරීමේ දී කාර්යසාධන මිණුම් 120කටත් වඩා භාවිතා කරයි. වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, අවදානම් සඳහා ලැබූ ප්‍රතිලාභ, අඛණ්ඩතාව, ලාභ ලැබීම, වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය සහ උත්තෝලන බලය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර අටක් හරහා ලකුණු ලබා දෙයි. මෙම ලකුණු අවසාන ශ්‍රේණිගත කිරීම තීරණය කරන අතර එක් එක් කලාපයේ මෙන් ම ගෝලීය වශයෙන් ද හොඳම ක්‍රියාකාරී බැංකු එමගින් හඳුනා ගනී.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!