යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවල 108 ක් යාපනය සෙලවසන්නිදි කෝවිලේ දී එක්ව විවාහ ගිවිස ගත්තා.
මෙලෙස විවාහ චාරිත්‍ර කරමින් ඊයේ (28) විවාහාප්‍රාප්ත වූයේ යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 108 ක විවාහ අපේක්ෂාවෙන් සිටි පිරිසක්.
හින්දු චාරිත්‍රානුකූලව තැල්ල බැද ඔවුන් සෙලවසන්නිදි කෝවිලේ දී විවාහ ගිවිස ගත්තේ එකම වේලාවකයි.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 15 ක විවාහ අපේක්ෂකයින් මෙලෙස එකම කෝවිලක විවාහ ගිවිස ගැනීම විශේෂයි.
සිංගප්පූරුවේ පදිංචි ටී.තුරෙයි නමැති ව්‍යාපාරික මහත්මයකු සිය වියදමින් සැම විවාහ යුවලකටම රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් පිරිනමා තිබුණා.
මෙම විවාහ උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ මූල්‍ය දායකත්වයෙන්.
එම ව්‍යාපාරික මහතා පවසා තිබුණේ තම දියණියගේ විවාහය දින ඇතිවූ සිතිවිල්ලක් අනුව මෙම කර්යය සිදුකළ බවයි.
සෑම ආදරනීය යුවලකගේම අධිෂ්ඨානය විවාහ වීම නමුත් ආර්ථික අපහසුතා නිසා එය කළ නොහැකි පිරිසක් දුකින් සිටින බව ඔහු පැවසුවා.
තම අපේක්ෂාව වූයේ හැකි පමණීන් මෙම පිරිසට උපකාර කිරීම බව තුරෙයි මහතා සදහන් කළා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි