සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් විය.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කය වූ ලකුණු 192, කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 17.2වන පන්දුවාරයේ දී පසුකර යෑමට ශ්‍රී ලංකාවට සමත් විය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.
ඊට අමතරව කුසල් ජනිත් නොදැවී ලකුණු 46ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (33) හා කුසල් මෙන්ඩිස්ද (30) ශ්‍රී ලංකා ඉනිම දිනවීමට දායක වූහ.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට ආරාධනා කළා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි