Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

AMW වෙතින් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

11 months ago

ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ Yamaha අමතර කොටස් අලෙවි කළ අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

ව්‍යාජ කොටස් සැබෑ Yamaha අමතර කොටස්වලට සමාන පෙනුමක් තිබිය හැකි වුවද, ඒවා එකම ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය නොකෙරේ. ඒවායේ බොහෝ විට සේවා කාලය ඉතාමත් අඩු හා අසාර්ථක වන අතර, කාර්ය සාධනය අඩු කරමින් යතුරුපැදි ධාවකයන් හා එහි යන මගීන්ට අවදානමක් ඇති කරයි. තිරිංග පෑඩ්, ස්පාර්ක් ප්ලග්, ෆිල්ට‍ර්ස්, හෝ කේබල් ඇතුළු, කුඩාම ව්‍යාජ කොටසකින් පවා ධාවනයේ දී විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව සැලකිය යුතුය.

අමතර කොටස් මිලදී ගැනීමේ දී සුපරීක්ෂාකාරී වන ලෙසත්, අව්‍යාජ Yamaha අමතර කොටස් සහ ඒ බව තහවුරු කරන ලාංඡනය ඇසුරුම්වල ඇති බවට සහතික කර ගන්නා ලෙසත්, AMW සමාගම පාරිභෝගිකයින්ට උපදෙස් දෙයි. AMW විසින් බෙදා හරින ලද අව්‍යාජ Yamaha නිෂ්පාදනවල සත්‍යතාව සංකේතවත් කරමින් AMW හොලෝග්‍රෑම් ස්ටිකරයක් සලකුණු කර ඇත. දිවයින පුරා බලයලත් AMW-Yamaha අලෙවිකරුවන්ගෙන් පමණක් අමතර කොටස් මිලදී ගන්නා ලෙසත්, ගුණාත්මකභාවය සහ නිමාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් AMW තවදුරටත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. නිවැරදි ඉංජිනේරු තාක්ෂණයෙන් වර්ණය, ද්‍රව්‍ය සහ බර අනුව නිෂ්පාදනය කරන අව්‍යාජ කොටස්, නියමිත ප්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් යුතුය. මේ පිළිබඳව යම් සැකයක් ඇත්නම්, මිලදී ගැනීමට පෙර සත්‍යතාව තහවුරු කර ගැනීමක් AMW අලෙවිකරුගෙන් ඉල්ලා සිටින ලෙස AMW පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ව්‍යාජ යතුරුපැදි කොටස් විකිණීම සදාචාරසම්පන්න නොවන හා අපරාධ ගනයට වැටෙන ක්‍රියාවකි. මෙම නීති ඇත්තේ අනාරක්ෂිත නිෂ්පාදනවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සහ Yamaha වැනි ජාත්‍යන්තර කීර්තියක් සතු විශ්වාසදායක සන්නාමවල අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටයි. AMW සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ව වෙළඳපල නිරීක්ෂණය සහ නිර්නාමික සාප්පු සවාරි වැනි විවිධ මුලපිරීම් ඔස්සේ ව්‍යාජ භාණ්ඩ සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරවලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගෙන යාම අඛණ්ඩව සිදු කරයි.

AMW, රජයේ බලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සියලුම Yamaha යතුරුපැදි ධාවකයන් ආරක්ෂා කිරීමට සහ ව්‍යාජ අමතර කොටස්වල අන්තරායන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට දැඩි ලෙස කැප වී සිටියි. ව්‍යාජ කොටස් නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ විකුණුම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සමාගම අඛණ්ඩව කටයුතු කරනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *