වංචනික ආකාරයෙන් විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරණය අධිකාරිය විසින් තම භාරයට ගෙන රාජසන්තක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියනයක පමණ වටිනාකමින් යුත් මැණික් මල්ලක් නිදහස් කිරීමට එම අධිකාරියේ ඉහළ නිලධාරියෙකු කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
පෞද්ගලික සමාගමක් විසින් අඩු තක්සේරුවක් පෙන්වා විශාල වටිනාකමකින් යුතු මෙම මැණික් තොගය විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එහි දී අධිකාරියේ නිලධාරීන් මැදිහත් වී මෙම මැණික් මල්ල තම භාරයට ගෙන ඇත.
එවන් මැණික් වහා රාජසන්තක කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද එසේ රාජසන්තක නොකර මාස තුනක පමණ කාලයක් තිස්සේ එහි නිලධාරියෙකු කල්මරමින් සිටින බවද සේවකයන් කියා සිටිති.
අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි බහුතරය මැණික් මල්ල රාජ සන්තක කළ යුතු බවට ස්ථිර නිගමනයක සිටි නමුත් ඉහළ නිලධාරියෙකු ඊට බාදා කරමින් සිටින බවද ඔවුන් පවසති.
අඩු තක්සේරුවක් පෙන්වා වංචනික ලෙස මැණික් විදේශ රටවලට ගෙන යාම ජාවාරමක් බවට පත්ව ඇති බවත් එලෙස රැගෙන යන මැණික් විදේශ රටවල දී අලෙවි කර එම මුදල් විදේශ බැංකුවල තැන්පත් කිරීමටත් උණ්ඩියෙල් ක්‍රමයට ලංකාවට මුදල් ගෙන ඒමටත් ඔවුන් කටයුතු කරමින් සිටිති.
මේ හේතුවෙන් මෙරටට විදේශ විනිමය නොලැබෙන මත අතර එමගින් ආර්ථිකයට ද බලපෑමක් වෙයි
source – lankacnews

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා