වංචනික ආකාරයෙන් විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරණය අධිකාරිය විසින් තම භාරයට ගෙන රාජසන්තක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියනයක පමණ වටිනාකමින් යුත් මැණික් මල්ලක් නිදහස් කිරීමට එම අධිකාරියේ ඉහළ නිලධාරියෙකු කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
පෞද්ගලික සමාගමක් විසින් අඩු තක්සේරුවක් පෙන්වා විශාල වටිනාකමකින් යුතු මෙම මැණික් තොගය විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එහි දී අධිකාරියේ නිලධාරීන් මැදිහත් වී මෙම මැණික් මල්ල තම භාරයට ගෙන ඇත.
එවන් මැණික් වහා රාජසන්තක කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද එසේ රාජසන්තක නොකර මාස තුනක පමණ කාලයක් තිස්සේ එහි නිලධාරියෙකු කල්මරමින් සිටින බවද සේවකයන් කියා සිටිති.
අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි බහුතරය මැණික් මල්ල රාජ සන්තක කළ යුතු බවට ස්ථිර නිගමනයක සිටි නමුත් ඉහළ නිලධාරියෙකු ඊට බාදා කරමින් සිටින බවද ඔවුන් පවසති.
අඩු තක්සේරුවක් පෙන්වා වංචනික ලෙස මැණික් විදේශ රටවලට ගෙන යාම ජාවාරමක් බවට පත්ව ඇති බවත් එලෙස රැගෙන යන මැණික් විදේශ රටවල දී අලෙවි කර එම මුදල් විදේශ බැංකුවල තැන්පත් කිරීමටත් උණ්ඩියෙල් ක්‍රමයට ලංකාවට මුදල් ගෙන ඒමටත් ඔවුන් කටයුතු කරමින් සිටිති.
මේ හේතුවෙන් මෙරටට විදේශ විනිමය නොලැබෙන මත අතර එමගින් ආර්ථිකයට ද බලපෑමක් වෙයි
source – lankacnews

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්