ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පවසයි.
ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවය.
ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා,
”හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්‍ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි.. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්..”
”ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ සැප්තැම්බර් 29 වැනිදාට. ඊට සමගාමීව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සංවිධානය කළා පා ගමනක් හා මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා කියන පණිවිඩය. මම හිතනවා මෙය හොඳ පූර්වාදර්ශයක් වේවී ශ්‍රී ලාංකිකයින් හැමදෙනාටම නිවැරදි හදවතක් සහිතව ඉතිරි ජීවිත කාලේ ජීවත් වෙන්නේ”

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි