Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය

42 minutes ago

සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා සුදුසු නිලධාරීන් බඳවාගැනීම් සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල ඇති දෝෂ බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව වාහනවල තත්ත්ව පරීක්ෂා කරන නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස තුන කාලයක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බව ඉන් අනතුරුව සියලුම වාහන සඳහා මේ ක්‍රියාත්මක කරන බව ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *