ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.
ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි.
ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද සිව්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184ක් හිමිකරගනිමිනි.
එසේම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Zampa එම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ස්ථාන දෙකක් පහළට යාමත් සමඟ ඔවුන් දෙදෙනාට මෙම නව ස්ථාන හිමිව තිබේ.
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewoodය.
මේ අතර ඉන්දීය ප්‍රබල පිතිකරුවෙකු වන Suryakumar Yadavහට විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන අහිමිව ඇත.
ඒ අනුව විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීමට අනුව පළමු තැන පාකිස්තාන ප්‍රබල පිතිකරුවෙකු වන Mohammad Rizwan හිමිකරගෙන ඇත.
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 854කි.
මේ අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවන අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 7 වන ස්ථානයේ පසුවෙයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි