ශාසනික හා බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.
බෝසතාණන් වහන්සේ මාතෘ කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, අභිධර්මය දේශනා කිරීම සහ භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කිරීම අද වැනි දිනක සිදුවී ඇත.
එමෙන්ම අරිට්ඨ කුමරු ඇතුළු පිරිස උපසම්පදාව ලැබීම සහ දන්ත හා හේමමාලා යුවළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම ද සිදුවූයේ ඇසළ පෝදාකය.
විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්වැසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වීම විශේෂත්වකි.
බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි