කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි ඊයේ(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වුවා.
තවද මෙම සිද්ධියට අදාල පළමුවන සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට චෝදනා ගොනු නොකරන බවත් එම නිසා ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල දෙවන සැකකරුට අධිචෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් පළමුවන සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් නියෝග කළා.
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවය.
සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස දන්වා සිටියා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබුණා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.
සිද්ධියට අදාල නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිතයි.

නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි