රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධ නාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ ඇප අයදුම අද (30) යළිත් සලකා බැලුණි.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී ය.
ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරනයෙදී කරුණු දක්වා සිටියේය.
එහිදී ඉදිරිපත් වුනු කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර මහතා සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය .
මේ අනුව ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදුකළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බව අප කොන්දේසි අතර දැක්වෙයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි