Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘ජාතික පාසැල්’ ඉවත් කිරීමට සැරසෙන අධ්‍යාපන ඇමති

2 years ago 7.6 K

‘ජාතික පාසැල්’ කියන නාමය පාසැල් වලින් ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා

ඒ වෙනුවට ප්‍රාථමික සහ ද්විතීයික යනුවෙන් පාසැල් නම් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

එමෙන්ම අධ්‍යාපනය පරිවර්තනය ක්‍රමයකට යා යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා

පරිපාලනමය වශයෙන් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයක් ලෙස මෙම ක්‍රමය ජනවාරි මාසය වනවිට ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට නිශ්චිත දින නියම කළ යුතු බවයි

නමුත් මේ වනවිට සියලු විභාගයන් සඳහා මාස ගණනක් පසුපසින් සිටින බවත් කොවිඩ් ගැටළුවෙන් මෙම තත්ත්වය හට ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා

1,2,3 යන ශ්‍රේණිවල සාක්ෂරතාව නැංවීම සඳහා වැඩපිළිවෙලක් සාදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *