2025 හොංකොං සික්සර් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) නම් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙවරත් ලහිරු මධුෂංඛට හිමි වී ඇත. 8 දෙනකුගෙන් ශ්‍රී ලංකා සංචිතයට ලහිරු මදුශංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක, මොවින් සුබසිංහ (අතිරේක) යන ක්‍රීඩකයන් නම් කර ඇත.
පසුගිය වසරේ කණ්ඩායමේ සිටි සදුන් වීරක්කොඩි මෙවර කණ්ඩායමට නම් කර නොමැත.
මෙවර තරගාවලිය නොවැම්බර් 7, 8 සහ 9 යන තෙදින තුන පැවැත්වෙයි. රටවල් 12ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියට දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, ඕස්ටේ්රලියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පාකිස්තානය, කුවේට්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදියි.
ශ්‍රී ලංකාව 2007 වර්ෂයේ සහ 2024 වර්ෂයේ හොංකොං සික්සර් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් විය

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි