විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමිනි.
එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටුකිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් ඇති බවද ජනපතිවරයා එහිදී පවසා තිබේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර ඇති බවය.
රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට දින නියම වෙයි
හිතුමතේ අක්කර ගණනින් ඉඩම් බෙදා ගත් හිටපු ලොක්කන්ගේ නම් ලැයිස්තුවක් එළියට
මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
ලොකු පැටීට ආධාර අනුබල දුන් කපුවාගේ, රුපියල් කෝටි 1000 ක් සංසරණය වූ තවත් බැංකු ගිණුම් 03 ක් සොයා ගැනේ