මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව ඉලුක්වත්ත හන්දිය ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය සඳහන් කරයි.
නුවර සිට කොළඹ බලා ගමන් ගත් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.
තුවාල ලද හැටපස් හැවිරිදි පුද්ගලයා එම ප්‍රදේශයේම අයෙකි.
වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.
කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අනතුර සිදුවන ආකාරය අසළ වෙළඳ සැලක සිසිටිවි කැමරාවේ මෙසේ සටහන් විය.
(අරුණ -බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්)