ඊයේ සවස (04) ඇමරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් හි ගුවන් තොටුපළකින් ගුවන් ගත වෙමින් සිටියදී යූපීඑස් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
එරට වේලාවෙන් පස්වරු 05:15 ට පමණ ලුයිස්විල් මුහම්මද් අලි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වන විට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පුපුරා යාමෙන් අවම වශයෙන් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර එමඟින් අහසට ඝන කළු දුමාරයක් නිකුත් වූ බව සඳහන්.
කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා මියගිය අය අතර සිටින බවයි.
සිද්ධියේදී පුද්ගලයින්ට “ඉතා සැලකිය යුතු” තුවාල සිදුවී ඇති බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් නිලධාරීන් අනතුරු ඇඟවනවා.
යානය කඩා වැටෙන අවස්ථාවේ එහි ඉන්ධන ගැලුම් 38,000ක් පමණ තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි