Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සැරසෙයි

8 months ago

ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේය. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – “මහ බැංකු අධිපතිතුමනි, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් යොමුකළ විට මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, උදාහරණයක් විදිහට උද්ධමනය හෝ විනිමය අනුපාත පිළිබඳව සාමාන්‍යයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ ? මක්නිසාදයත් පාර්ලිමේන්තුව තුළ මහ බැංකුවේ නියෝජනයක් නැහැ.” 

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – “මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් යොමුකළ විට එය ඍජුවම යොමුවන්නේ මුදල් අමාත්‍යවරයාට. එවිට ඔවුන් ඒ සඳහා සමහර අවස්ථාවලදී අප සමග සම්බන්ධ වනවා. අදාළ ප්‍රශ්නයට පිළිතුර හෙට දිනයේදී  අවශ්‍යනම් අපිට එය ලැබෙන්නේ අද. අපි කෙසේ හෝ එම පිළිතුරු ලබාදීමට පියවර ගන්නවා. අනතුරුව එය යොමුකරනවා මුදල් අමාත්‍යවරයාට. එයයි ක්‍රමවේදය. මට සහතික වෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරයා හරහා මහ බැංකුවට ලැබෙන සියලුම ප්‍රශ්නවලට අපි පිළිතුරු යොමුකරනවා නියමිත වේලාවට. නමුත් එය ක්‍රියාවලිය නිසි වේලාවට සිදුවන්නේ නැහැ. ඇතැම් ප්‍රශ්න මහ බැංකුවට පමණක් අදාළ වන්නේ නැහැ. එම ප්‍රශ්න මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වනවා. මුදල් අමාත්‍යවරයා ඒ සියලු ආයතනවලින් ලබාගන්නා පිළිතුරු එකතු කර, වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට ලබා දෙනවා. අපිට ආරාධනා කරනවානම් අපිට ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු සැපයීමට.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *