Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොවම කැළඹූ සය පුද්ගල ඝාතනයට දඬුවම් නියම වෙයි! ශ්‍රී ලාංකික සිසුවාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි!

4 weeks ago

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළුව 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී සැකකරුට දඬුවම ලිහිල්කරගැනීමක් හෝ ලැබීමටත් වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විදිය යුතුය බවය.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයෙක්ටය.

කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙම අපරාධය සිදුකරන විට 19 හැවිරිදි විය පසුවිය.

ඔහුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා 4ක්, දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා 2ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු අතර, ඒ සියල්ලට ඔහු වරද පිළිගෙන තිබේ.

මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී බණ්ඩාරනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) ඝාතනය විය.

ඊට අමතරව එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතර, දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, මෙය  නගර ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් එකක් බවය.

එමෙන්ම ලස්සන පවුල් දෙකක් විනාශ කර ජනතාව භීතියට පත්කළ බවත් සැකකරුට පවසා ඇත.

මෙහිදී දිවි ගලවාත් මියගිය දරුවන්ගේ පියා අධිකරණයේ දී පවසා ඇත්තේ, සැකකරු හය වතාවක් පිහියෙන් ඇන්න බවය.

ඒ හේතුවෙන් තමන් දැඩි වේදනාවකින් පසුවන බවත්, ස්නායු හානි සිදු වි තමාගේ ඇඟිලි කිහිපයක් අහිමි වී ඇති බවත්ය.

දරාගත නොහැකි ඛේදවාචකයෙන් තම පවුල, නිවස සහ ජීවනෝපාය අහිමි වූ බව ඔහු අධිකරණයේදී පවසා ඇත.

“මම හැමදාම අවදි වෙන්නේ ඒ අයගේ මුහුණු මගේ හදවතේ තියාගෙන” ඔහු පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *