කප්පම් ඉල්ලා ලබානොදුන්නැයි මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගියදා (03දා) අමානුෂිකව පහරදුන් බවට සැකකරන එම විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සිසුන් සිවුදෙනෙකු පසුගිය 04දා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමත් පසු මෙම මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සදහා මාතලේ මහ රෝහලට ඇතුළත් කොට ඇත. මාතලේ ශාන්ත තෝමස් විදයාලයේ 13 ශ්‍රේණිය සිසුන් පිරිසක් පාසල් සිටින අනෙකුත් සිසුන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීම දිගින් දිගටම සිදුවන බවත් කප්පම් මුදල් ලබා නොදෙන සිසුන්ට පහර දීම් සිදුකර ඇති බව පැවසේ.
මේ අතර නිරන්තරයෙන් මෙම කප්පම් ගන්නා සිසුන්ගෙන් කරදරයට ලක්ව සිට මාතලේ නාලන්ද ප්‍රදේශයේ සිසුවකු ලෝක ළමා දින උත්සව දිනයේදී විදුහලේ විදුහල්පතිවරයාට අදාළ සිද්ධිය පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.ඒ අනුව පාසල් විදුහල්පති ධම්මික හේවාවසම් මහතා මෙම කප්පම් ලබා ගන්නා බව කියන සිසුන් පස්දෙනකු කැඳවා ප්‍රශ්න කිරිමේ දී ඔවුන් දිගින් දිගටම කප්පම් මුදල් ලබාගන්නා බව පිළිගත් යැයි මේ පිළිබද විදුහල්පතිවරයාගෙන් විමසීමේදී හෙතෙම පැවසීය.
ඒ අනුව පාසල් ක්‍රියාත්මක විනය කඩ වන ක්‍රියා සඳහා හඳුන්වාදුන් නව දඬුවම් ක්‍රමයට අනුව සිසුන් වෙනුවෙන් විවෘත කොට ලිපි ගොනු සඳහා රතු කොඩි නිකුත් කොට එම සිසුන්ට විද්‍යාල භූමියේ ගොඩ ගසා ඇති ගල් කැට අතුරා පිළියෙල කිරීමට පැවරූ බවද හෙතම සඳහන් කර සිටියේය.
ඒ අනුව පැය දෙකක පමණ කාලයකින් එම සිසුන් පස්දෙනා ඔවුන්ට ලබා දුන් පැවරුම අවසන් කිරීමත් සමග පෞද්ගලික ලිපි ගොනුවී තිබුණු රතු කොඩි ඉවත්කොට කොළ පැහැති කාඩි එක දැමූ බවත් නැවත එවැනි වරද නොකරන බවට තමන්ගේ දෙපා වැඳ පිටව ගිය බවද විදුහල්පතිවරයා පැවසීය. සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ට ග්‍රීන් කාඩ් ලබාදී පැයක පමණ කාලයක් ගතවෙද්දී විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබුණු 11 වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවාට පාසල තුළදීම සැකකාර සිසුන් 05දෙනාගෙන් සිවුදෙනෙකු විසින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර දීම නිසා එම සිසුවා රෝහල්ගත කළ බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.
(එස්. කරුණාරත්න)

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී