අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල පිරිසක් විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් හේතුවෙන් දැඩි කලබලයට සහ භීතියට පත්ව සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
කොවිඩ් තත්වය සහ වෙනත් හේතු මත අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට තැපැල් හැඳුනුම්පත මෙන්ම විදුහල්පතිවරයා සහතික කළ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් විභාගයට පෙනී සිටීමට අවසර දුන් නමුත් වලංගු අනන්‍යතාව නොමැතිව විභාගයට පෙනී සිටි හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දීමෙන් මෙම ගැටලුකාරී තත්වය මතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ හේතුවෙන් සිසුන් බොහෝ පිරිසක් සිය ප්‍රතිඵල අහිමි වේ දැයි දැඩි දෙගිඩියාවකට පත්ව සිටින බවද සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයට පන් ලක්ෂ දාහත් දහසක් පෙනී සිටි අතර ඉන් හාර ලක්ෂයක් පමණ පාසල් සිසුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:
ඒකෙ කිසිම ගැටළුවක් නැහැ. ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරගෙන යනවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්