උපතින්ම දෑස් නොපෙනෙන පුද්ගලයකුට වසර විස්සකට අධික කාලයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දීමනාව ඔහු පොල් කැඩිමේ රැකියාවක නියුතු අයකු බව සඳහන් කරමින් ව්‍යාජ වාර්තාවක් ලබා දී එම දීමනාව අහිමි කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ.
මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ ධර්ගා නගරය, දංවත්තගොඩ ග්‍රාම සේවා වසමේ පදිංචිව කේ. එල්. ඩි. සිරිපාල (69) අවිවාහක පුද්ගලයකුටය
වර්ෂ 1960 සිට වසර නමයක කාලයක් රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා ඇති සිරිපාල මහතා මේ වන විට ඔහු ගේ සහෝදරියගේ පුතුගේ රැකවරණය මත කල් ගෙවන්නේය
මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය
අපේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා තිබ්බා මේ කියන්නේ ඇත්තක්ද කියලා, ඔවුන් යනකොට මේ ඇස් පේන්නැති පුද්ගලයා පොඩි ළමයෙක් වඩාගෙන තමයි ඉඳලා තියෙන්නේ
ඥාති පුතෙක් ඉඳලා තියෙනවා රනිල් කියලා. එයා කියලා තියෙනවා අපිට මාමාව බලාගන්න පුළුවන්.මාමා පොල් කඩනවා ගැටළුවක් නැහැ කියලා.එයාගෙ ඉඩකඩම්වල තමයි එයාලත් ඉන්නේ ඒවායේ ආදායමක් තියෙනවා කියලා.ඒ තත්ත්වය එක්ක තමා අපි ඕක නතර කරලා තියෙන්නේ.
-lankadeepa-

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා