වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මීට පෙර කිසිදු ගංවතුරකදී මහනුවර නගරය යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා කිසිදිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වුණු බවද සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යටවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා අංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී එම ජලාශවල වාන් දොරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර නගරය සහ ඒ අවට ගම්මාන වලට සහන සැලසීමේ රජයේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය.
හදිසි විපත්වලදී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට පිහිටවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා