ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,
“පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපෙක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ ඖෂධ මේ ආපදා තත්ත්වය සමග නැතිවී තිබෙන්නට පුළුවන්. එම නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.”

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා