රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් එම දුරකථන අංකය හඳුන්වා දී ඇත.
විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැකිය බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.
හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීමකදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ කාර්යක්ෂම විසඳුමක් සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දී ඇති බව සඳහන්ය.
1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් භාරගනු ලබන අතර, එහිදී පැමිණිලි පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශයන්හි ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කර බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.
කඩිනම් විසඳුම් සඳහා පහසුකම් සැලසීම පිණිස, මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙසත්, නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත්, සියලුම පුරවැසියන්ගෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටී.

සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට