කැළණි මිටියාවතේ දක්ෂ පිහිනුම් ශුරියක ලෙස නමක් දිනා සිටි කැළණි නදී දිය කිඳුරිය ලෙසින් කිරුළු පැළඳි වැල්ලම්පිටිය කොටුවිල පදිංචි ව සිටි ඕෂධි වියාමා නිවෙසේ සිදුවූ හදිසි අනතුරකින් දිවි ගමනින් සමු ගෙන තිබුණා.
දහනව වැනි වියේ පසුවූ මෙම තරුණිය පසුගිය 10 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති අතර, වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය මිය යනවිට 19 හැවිරිදි වියේ පසු වුවා. ප්‍රදේශවාසින් අතර ඇය වඩාත් ආදරයට පාත්‍ර වුයේ පසුගිය දා ඇතිවූ ගංවතුර ආපදා වකවානුවේදියි.
අවතැන්ව ගංවතුරට කොටුවි සිටි පිරිස් බේරා ගැනිම සඳහා ඇය බෝට්ටුවක නැඟී තරුණයන් පිරිසක් ද සමග තම ජිවිතය ගැන පවා නොසිතමින් දිවා රෑ නොබලමින් විශාල මෙහෙවරක් සිදු කර තිබුණු අතර, අවතැන්වුවන්ට කෑම බිම ලබා දීමට යාමට දුෂ්කර ස්ථානවලට පවා ඇය බෝට්ටුවෙන් ගොස් තිබුණා.
ඇය, ‘කැලණි නදී දිය කිඳුරිය’ ලෙසින් කිරුළු පැළදියේ වයස අවුරුදු 7 දීයි. ඒ කැළණි ගඟේ මීටර් 1000 ක් විනාඩි 14 යි තත්පර 41 ක කාලයක් තුළ පිහිනා ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමෙන්.
තම නිවෙස ඉදිරි පසින් කැළණි නදිය ගලා බැස්සද ඇය කුඩා කාලයේ එදියට බැස්සේ නැත. ඒ කිඹුලන්ට ඇති බිය නිසාය. ඈ පිහිනීමට ඉගෙන ගෙන ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකයේදීයි.
ඒ කැළුම් ප්‍රියදර්ශන පුහුණු උපදේශකවරයා යටතේයි.
ඕෂධී ළදරු අධ්‍යාපනය ලබා ඇත්තේ මාළිගාවත්ත කාල්ටන් පෙර පාසලෙන්. කැළණි නදියේ පිහිනුම් වාර්තාව සදහා ඉදිරිපත් වූ දිනයේ ඒ සදහා අවශ්‍ය නාවික බෝට්ටු සහ නාවික භටයන් සපයමින් උදව් කර ඇත්තේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ විසින් බව පවුලේ සාමාජිකයන් පවසනවා.
එදින ඇයගේ දක්ෂතා දැක බලා ගැනිම සදහා කැළණි ගඟ දෙපස ප්‍රදේශවාසීන් දහස් ගණනින් රැස්ව සිටියා.
එදිනම ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද ඇගයිමට ලක්ව තිබුණා.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ