ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
එමෙන්ම රෝහලෙන් ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහා රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ.
මේ අතර රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බව පැවසීය.
එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත.
ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයට රැගෙන එන බව අමාත්‍යවරයා පවසයි.
හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ.
දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති මෙහි ඇදන්ඳ ධාරිතාව 645කට අධිකය.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය