කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය පැමිණ සිටියදී නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු අයුරු නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බවය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සහ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ සිදුවීමේදී නගරාධිපතිවරයා නිල නොවන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ප්‍රකාශ කර ඇති බවත් එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැරදි සහ නොමග යවන සුළු වන බවත් සඳහන් කර ඇති නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පවසනුයේ නගරාධිපතිවරයා කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් යටතේ කටයුතු නොකරන බවත්ය.
ඒ අනුව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ මෙම හැසිරීම සම්බන්ධව නීතීඥ සංගමය දැඩි ලෙස හෙළා දකින බවත් එය නීතීඥයෙකුගේ වෘත්තිය වගකීම් සහ ස්වාධීනත්වයට සිදුකළ බරපතළ මැදිහත්වීමක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය සළකනු ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards