Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක බංකුවට වැටෙයි

2 days ago

කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක බංකුවට

සිංහල ක්‍රිකට් සමාජයට(SSC) ක්‍රීඩා කරන දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනාව මේ දිනවල පැවැත්වෙන තුන්දින තරගාවලිය තුළ ක්‍රීඩා නොකර තැබීමට එම කණ්ඩායමේ කලමණාකාරිත්වය තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා දේශීය ක්‍රිකට් තරගවාරය පසෙකලා ILT20 ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමට ගත් තීරණය හේතුවෙන් මෙය සිදුකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ILT20 තරගාවලිය සඳහා සහභාගී වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය සහිතවයි.

SSC කණ්ඩායම පසුගිය තරගවාරයේදී ඉතාම අසාර්ථක අන්දමින් තරග වැදුණ අතර මේ නිසාම ඔවුන් දෙවන පෙළ දක්වා ඇද වැටීමටද සිදු විය.

“ඔවුන්ව අවශ්‍ය වුණොත් පමණක් ක්‍රීඩා කරවීමට සූදානම්” යනුවෙන් SSC කණ්ඩායමේ ප්‍රධානියෙක් ප්‍රකාශ කළ බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *