වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේදී ගිංඔයට පැන අතුරුදන් සිටි තරුණියගේ සිරුර හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන උදයංගනා සත්සරණී නම් 17 හැවිරිදි පාසල් සිසුවියකි.
ඇය මියයන විට කොච්චිකඩේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇත.
තරුණියව බේරාගැනීමට ගිංඔයට පැන ඇති 18 හැවිරිදි තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (28) සවස 5.30ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, ගිංඔය පාලම ආසන්නයට පැමිණ ඇති තරුණිය සිට පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත.
පසුව ඇය ඔයට පැන ඇති අතර, සිය පෙම්වතිය බේරාගැනීමට තරුණයා ද ගිංඔයට පැන තිබේ.
මියගිය තරුණියගේ මව මේ වනවිට දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත් ඇයගේ පවුල තුළ අභ්‍යන්තර ගැටලු පැවතී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මියගිය තරුණියගේ සිරුර අද (29) දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්