Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?

4 hours ago

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි.

එම චෝදනා එල්ල කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ය.

රුසියන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයට යුක්රේන හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන 91 ක් යොදා ගත් බවය. කෙසේ නමුත් රුසියන් හමුදාව වහා මැදිහත් වී ප්‍රහාරය ව්‍යර්ථ කර ඇත.

මෙම සිද්ධිය මුල් කොටගනිමින්, යුක්රේනය සමඟ පවතින සාම සාකච්ඡාවලදී රුසියාවේ ස්ථාවරය වෙනස් වනු ඇති බව ලැව්රෝව් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

කෙසේවෙතත් යුක්‍රේනය විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *