ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‌යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය -2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.
එහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ සෑම රූපවාහිනී නාලිකාවක් සඳහාම විකාශන බලපත්‍රය ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍රයක් ලෙසට බවය.
“මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ. අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කන්ඩිශන් කිහිපයක් තිබෙනවා. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා. ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ.”

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්