අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු ඉංජිනේරුවරියක් වන මිෂෙලා බෙන්තවුස් රෝද පුටු භාවිත කරන්නෙකු ලෙස අභ්‍යාවකාශයට ගිය ලොව පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
මිෂෙලා ඊයේ දිනයේ Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ Blue Origin (බ්ලූ ඔ්ර්ජින්) සමාගමට අයත් ‘නිව් ෂෙපර්ඩ්’ (New Shepard) රොකට්ටුව හරහා අභ්‍යාවකාශ ගතවුණා.
පෘථිවියේ සිට කිලෝමීටර් 105ක පමණ උසකට එනම් අභ්‍යවකාශයේ නිල සීමාව ලෙස සැළකෙන කර්මන් රේඛාව පසු කරමින් ඇය රැගත් රොකට්ටුව ගමන් කළ අතර, මේ සඳහා ගතවූ පියාසැරි කාලය විනාඩි 11ක්.
මෙම ගමන සඳහා එක්වූ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ සේවය කරන අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක වන මිෂෙලා මීට වසර හතකට පෙර අනතුරකට මුහුණ දුන් අතර, ඉන් ඇගේ කොඳු ඇටපෙළට හානි සිදුව තිබුණා.
බෙන්තවුස්, පෘථිවියට නැවත පැමිණීමෙන් පසු අදහස් දැක්වමින් පවසා ඇත්තේ “අවංකවම, එය මෙතෙක් ලැබුණු සිසිල්ම අත්දැකීමයි,” යනුවෙනි.
“ඔබ ඔබේ සිහින කිසි විටෙකත් අත් නොහැරිය යුතු යැයි මම සිතමි. සමහර විට එය සැබෑ වීමට ඇති ඉඩකඩ අඩුය,”
එහිදි ඇය වැඩිදුරටත් ලෝකයෙන් ඉල්ලා සිටියේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ද සෑම දෙයකටම ප්‍රවේශ්‍ය වීමේ හැකියාව වැඩි දියුණු කරන ලෙසය.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ