අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු ඉංජිනේරුවරියක් වන මිෂෙලා බෙන්තවුස් රෝද පුටු භාවිත කරන්නෙකු ලෙස අභ්‍යාවකාශයට ගිය ලොව පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
මිෂෙලා ඊයේ දිනයේ Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ Blue Origin (බ්ලූ ඔ්ර්ජින්) සමාගමට අයත් ‘නිව් ෂෙපර්ඩ්’ (New Shepard) රොකට්ටුව හරහා අභ්‍යාවකාශ ගතවුණා.
පෘථිවියේ සිට කිලෝමීටර් 105ක පමණ උසකට එනම් අභ්‍යවකාශයේ නිල සීමාව ලෙස සැළකෙන කර්මන් රේඛාව පසු කරමින් ඇය රැගත් රොකට්ටුව ගමන් කළ අතර, මේ සඳහා ගතවූ පියාසැරි කාලය විනාඩි 11ක්.
මෙම ගමන සඳහා එක්වූ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ සේවය කරන අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක වන මිෂෙලා මීට වසර හතකට පෙර අනතුරකට මුහුණ දුන් අතර, ඉන් ඇගේ කොඳු ඇටපෙළට හානි සිදුව තිබුණා.
බෙන්තවුස්, පෘථිවියට නැවත පැමිණීමෙන් පසු අදහස් දැක්වමින් පවසා ඇත්තේ “අවංකවම, එය මෙතෙක් ලැබුණු සිසිල්ම අත්දැකීමයි,” යනුවෙනි.
“ඔබ ඔබේ සිහින කිසි විටෙකත් අත් නොහැරිය යුතු යැයි මම සිතමි. සමහර විට එය සැබෑ වීමට ඇති ඉඩකඩ අඩුය,”
එහිදි ඇය වැඩිදුරටත් ලෝකයෙන් ඉල්ලා සිටියේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ද සෑම දෙයකටම ප්‍රවේශ්‍ය වීමේ හැකියාව වැඩි දියුණු කරන ලෙසය.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්