‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න්හිදී ඊයේ (27) අවසන් වූ 4වන ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
දෙදිනක් තුළ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 152කට සියලුදෙනා දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිම ලකුණු 110කට සීමා විය.
අනතුරුව ඔස්ට්‍රේලියා දෙවන ඉනිම ලකුණු 132කට අවසන් වීමත් සමඟ, එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී සාර්ථකව පසුකර යාමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය.
මෙම ජයග්‍රහණය, ඔස්ට්‍රේලියාවේදී එංගලන්ත කණ්ඩායමක් වසර 15කට පසු ලැබූ පළමු ටෙස්ට් ජය ලෙස වාර්තා අතරට එක්වෙයි. එම කාලය තුළ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 16ක් පරාජයට පත්ව ඇති අතර, තරග 2ක් ජය–පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, තරග 5කින් යුත් ‘අළු බඳුන’ ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 3–1ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් දැනටමත් ජයග්‍රහණය කරගෙන සිටියි.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්