Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

මේෂ – ආර්ථි­කය ශක්ති­මත් වේ

ගෘහ ජීවි­තය – නව වර්ෂය ආර­ම්භයේ ඔබගේ ලග්නයේ ග්‍රහ පිහි­ටීම් අනුව චතුර් ග්‍රහ­ යෝ­ග­යක් භාග්‍ය­ස්ථා­නය හෙවත් පුණ්‍ය­ස්ථා­නයේ පිහිටා තිබීම ධාර්මික වූත් යහ­පත් වූත් ජීවන රටා­වක් අනු­ග­ම­නය කිරී­මක් පෙන්නුම් කරයි. 4 අධි­පති සඳු දෙවැන්නේ උච්ච බල ඇතිව පිහි­ටී­මෙන් වච­නයේ ප්‍රිය­ම­නාප කාරු­ණික බව නිසා අන්‍ය­යන්ගේ ප්‍රසා­දය හිමි­කර ගනී.

රැකි­යාව – රැකියා කාරක සෙන­සුරු 12 වැන්නේ නිසා විදෙස් රැකියා සඳහා ඇදී යාමක්ද, මව්බිමේ සිටම විදෙස් සබ­ඳතා ඇතිව කරන රැකියා ව්‍යාපාර ද ඒවා බොහෝ දුරට තාක්ෂ­ණය උප­යෝගී කර­ගෙන යන බවද දක්නට ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය, කෘෂි­ ක­ර්මා­න්තය වැනි අංශ මෙර­ටෙහි දියු­ණුවේ. කෙසේ හෝ ආර්ථි­කය ශක්ති­මත් කර­ගනී.

අධ්‍යා­ප­නය – මෙතෙක් අධ්‍යා­ප­න­යට තිබූ බාධක ඉවත් වී සියලු දරු­ව­නට යහ­ප­තක්ම සැලසේ. විශේ­ෂ­යෙන් උසස් අධ්‍යා­ප­නය ලබන දරු­වන්ට ජය­ග්‍ර­හණ ලබා ගැනී­මට මාර්ග සැලසේ.

ලග්න ඒරා­ෂ්ටක තත්ත්ව­ය­කට මුහු­ණදී සිටින බැවින් ඔබගේ කරන කියන කට­යුතු අතර සෙන­සුරු ග්‍රහයා වෙනු­වෙන් ආබා­ධිත අයට දාන­මාන දෙන්න. උප­කාර කරන්න. බලු කපුටු දාන දෙන්න. නිල් මල් සහිත බෝධි පූජා සෙන­සු­රාදා දින­වල තබන්න.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *