Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය

2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

ධනු – පෞරු­ෂ­ත්වය වර්ධ­නය වේ

ගෘහ ජීවි­තය – ලග්න­යේම ගෝචර වී ඇති චතුර් ග්‍රහ­යන් නිසා ප්‍රාණ­වත් හා නීරෝගි බව යහ­පත් මාන­සික සුව­තා­වය ඔබට ලැබ දෙයි. ගමන් බිම­න්ව­ලින් ප්‍රති­ඵ­ල­දා­යක ජය­ග්‍ර­හණ අත්වේ. කුස­ලතා වර්ධ­නය කෙරෙන මේ වසර ස්වයං රැකි­යා­වක් හෝ ලාභ උප­යන ව්‍යාපා­ර­යක් ආර­ම්භ­යට සුදු­සුය. ගෘහ ජීවි­තය අර්ථ­වත් ලෙස ගත කර­න්නට හැකිවේ.

රැකි­යාව – ඔබට වෛද්‍ය වෘත්තිය, තාක්ෂ­ණය, ඉංජි­නේරු වැනි අංශ­වල රැකි­යා­වන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකි­යාව පව­තින අතර දැන­ට­මත් මෙවැනි වෘත්ති­යක නියැළී සිටී­නම් උස­ස්වීම්, වැටුප් වර්ධක හා පිළි­ගැ­නී­ම්ව­ලට භාජ­නය වනු ඇත.

අධ්‍යා­ප­නය – ඔබ දැන­ට­මත් වෛද්‍ය­ව­ර­යෙකු හෝ වරි­යක වීමට ඉගෙ­නී­මෙහි යෙදේ­ නම් අනි­වා­ර්ය­යෙන්ම එය ඉටුවේ. ඉංජි­නේරු තාක්ෂණ අංශ­වල දරු ­දැ­රි­යන්ට ද දැනුම ශක්තිය වර්ධ­නය වේ. යහ­පත් ගුරු­වරු ලැබේ.

නිතර කහ පාට මල් පූජා කිරීම, බෝම­ළුව අම­දීම, පැන් කළ­යක් දැමීම, බෝ පත්‍ර අතින් අහුලා දැමීම, අට­පි­රි­කර පූජා කිරීම, බෙලි මල් රණ­වරා ආදිය ගිල­න්පස පූජා කිරීම, කත­ර­ගම දෙවි­යන්ට පින් දීම සහ වැඩ­හි­ටි­ය­නට සැල­කීම ඔබේ අපල අවම කරයි.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *