එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
මකර – රැකියාවේ උසස්වීම්
ගෘහ ජීවිතය – ඔබගේ ලග්නාධිපති සෙනසුරු වික්‍රමස්ථානයේ යෙදී ඇත. හැකියාවෙන් පල ලබයි. කිසිවකුටත් නොදෙවැනි චරිතයක් වේ. 9 වැන්නේ සිට 11 වැන්න දක්වා අධිපති ග්‍රහයන් 12 වැන්නේය. විදෙස් ගමන්, විදෙස් රැකියා, විදෙස් අධ්‍යාපනය ආදියට යොමුවේ. මේ රටේ වුවද දුර බැහැර ගමන් යෙදේ. කරන කියන වෘත්තියෙන් නිසි පල ප්‍රයෝජන ලබයි.
රැකියාව – බොහෝවිට දුර බැහැර රැකියා ලබන්නට ඉඩ ඇත. වැඩි වැටුප්, උසස්වීම් සහ නව රැකියා උත්පාදනය සිදුවන නිසා පලදායී අර්ථවත් රැකියාවක නියැළීමට ඔබට හැකියාව ඇත. කය වෙහෙසා වැඩ කිරීමේ ශක්තිය නිසා ඔබ සමහරවිට ජීවිතය ගැනවත් නොසිතයි.
අධ්‍යාපනය – විද්‍යාස්ථානය වූ 5 වැන්නේ සඳු බලවත්ව ඇති නිසා අධ්‍යාපනය සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙළ ඔබට සකස් වනු ඇත.
දුර බැහැර පාසල්වලට යාමට හැකි ඉඩකඩ වැඩිය. තම මවට සමාන ආදරණීය ගුරුවරු මුණගැසේ. කලා අංශවල විෂයයන් වැඩියෙන් තෝරාගනී.
මකර ලග්න ඔබ වැඩිපුර වචන යහපත් අන්දමින් හසුරුවන්න. වැඩ කටයුතුවලදී හදිසි නොවන්න. අනතුරු සිදුවිය හැකියි. සෙනසුරාදා දිනවල බෝධි පූජා තබන්න. වැටකෙයියා මල් හා නිල් මල් පූජා කරන්න. ශක්‍ර, විෂ්ණු දෙවිවරුනට පින් දෙන්න. බලු කපුටු දාන දී වතුර තියන්න.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය