එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
සිංහ – දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
ගෘහ ජීවිතය – පූර්ව පුණ්‍යස්ථානයේ චතුර් ග්‍රහ යෝගය 2026 වසර සුබපල අත්පත් කර දෙයි. ලග්නාධිපති රවි සහ 4, 9, 10 අධිපතියන්ගේ එකතුව බලවත්ය. ගෘහ ජීවිතය රැකියා ආගමික ප්රබෝධය යන සියලු අංශ දියුණුවෙන් දියුණුවට පත්වේ. දරුවන්ගේ යහපත් අරමුණු සුබවාදී අයුරින් විසඳේ. ලග්නයේ කේතු පොතපත දැනුම ලබාදෙයි.
රැකියාව – විදෙස් සබඳතා හෝ මෙරටේ වුවත් තැපැල් මඟින් හෝ වෙනත් මාර්ගවලින් බෙදාහරින බඩු භාණ්ඩවලින් ලාභ ලබයි. එවන් රැකියාවල තත්ත්වය උසස් වෙයි. හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම දියර හා කිරි නිෂ්පාදනවලට ඉල්ලුම වැඩිවීම නිසා ඒවායින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි.
අධ්‍යාපනය – අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට සුබපල හිමිවේ. සියලු අංශවල දක්ෂතා මතු කරයි. දැනුම ආකල්ප වර්ධනය වේ. ලියන කියන දේ කලාත්මක කටයුතු පමණක් නොව ක්‍රීඩා අංශවලින් ද ජයග්‍රහණ ලැබ දෙයි.
අෂ්ටම ඒරාෂ්ටකයක් ද පවතින හෙයින් කරන කියන කටයුතුවලදී ප්‍රවේශම් වන්න. දානමාන පින්කම්, ආබාධිත අසරණ අයට උදව් උපකාර කිරීම, කපුටන්ට කිරිබත් එලඟිතෙල් මිශ්‍රකොට දීම සෙනසුරාදා නිර්මාංශ වීම බෝධි පූජා තැබීම විෂ්ණු දෙවියන්ට පින්දීම ආදිය කිරීමෙන් අපල අඩුවේ.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය