වෘශ්චික – ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් ලැබේ
රැකියා ලාභ ලබයි. උත්සාහයෙන් ක්‍රියා කළ යුතුය. උසස්වීම් තනතුරු ලාභවලට හේතුයි. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ප්‍රතිඵල ශුභ දායකවෙයි. අමතර ලාභ ද ලබයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර පැවති දුරස්ථ භාවයන් ඉවත් වේ. නව වසර දෙදෙනා සමීපව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. නමුත් නොපෙනෙන සතුරු බලපෑම් ඇති වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. පැවති බාධා ඉවත් වෙයි. යාන වාහන ලාභ ලබයි. ඉඩ කඩම් පිළිබඳ ගැටලු ශුභවාදීව විසඳේ.
මහන්සියේ තරමට අධ්‍යාපනයෙන් ජය ලබයි. නා නා පාඨමාලා හැදෑරීමේ අවස්ථා යෙදේ. තමන් සතු සෞන්දර්ය දක්ෂතා ඉස්මතු වෙයි. නව නිවාස ලාභ ලබයි හෝ අලුත්වැඩියාවන්ට හේතුයි. පුරුෂයන්ට ස්ත්‍රින්ගෙනුත් ස්ත්‍රින්ට පුරුෂයන්ගෙනුත් උදව් උපකාර ලැබේ. දහමට මුල්තැන දී ක්‍රියා කරන වසරකි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි.
සන්ධි ප්‍රදාහ රෝග, කොන්දේ අමාරු මතු වේ. නේත්‍ර රෝග, මුඛ රෝග, මතු කරයි. හමේ රෝග, කුෂ්ඨ රෝග මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතුවීමට ද ඉඩ තිබේ.
පවතින පීඩා සමනයට මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, වැඩිහිටි නිවාසවල අසරණ වූ මව් පියන්ට උදව් උපකාර දාන මාන දීම, සිර කළ සතුන් නිදහස් කිරීම ද ගැබිණි මවුවරුන් උදෙසා දාන මානාදී ක්‍රියා සංග්‍රහ කිරීම ද කතරගම දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලැබීම ශුභය.

2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කටක ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය