එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
කටක – අරමුණු සපල වන වසරකි
ගෘහ ජීවිතය – 6 වැන්නේ චතුර් ග්‍රහ යෝගය නිසා ඔබගේ වැඩ කටයුතු කරගෙන යද්දී එන බාධක මඟ හරවයි.
රාහු 8 වැන්නේ ගෝචර වී සිටීම නිසා කලබල ගති අඩුකර ඉවසීම පවත්වා ගැනීමට හැකි නම් ඔබ බුද්ධිමතෙකි. වසරේ මැද භාගයෙන් පසුව ගුරු ලග්නයට පැමිණීම ඔබගේ වාසනාව උදා කරයි. සෞභාග්‍යමත් ජීවිතයක් උදෙසා ඔබගේ වැඩපිළිවෙළ ගොඩනැඟෙයි.
රැකියාව – සෙනසුරු භාග්‍යස්ථානය මෙන්ම පුණ්‍යස්ථානයේ ගෝචරව ඇත. සෞඛ්‍ය ක්ෂේත්රවල, පිරිවෙන්වල, සුබ සාධක ආයතනවල මෙන්ම පාසල්වලද රැකියා ලැබීමේ ප්‍රවණතාව වැඩිය. වර්ෂය ආරම්භයේම සඳු ග්‍රහයා අයස්ථානයේ ගෝචර වීමෙන් මවු පාර්ශ්වයේ උදව් උපකාර ද ලැබේ.
අධ්‍යාපනය – විද්‍යාස්ථාන අධිපති 6 වැන්නේ ගුරුගේ රාශියක වීම මෙන්ම වසර ආරම්භයේදීම අයස්ථානයේ සිටින සඳුගේ දෘෂ්ටිය ලැබීම දරුවන්ගේ ඉගෙනුම සාර්ථක කරගැනීමට පිටිවහලකි. විද්‍යා, ගණිත අංශවලට කටක ලග්න දරුවන් වැඩිපුර යොමුවේ. ධර්ම කරුණු පිළිබඳ පොතපත කියවීමට තරුණ වයසේ දරුවන් ද උනන්දු වේ.
නිවසෙහි තුන්වරු පිරිතක් කියා ස්වාමීන් වහන්සේට හීල් දානය පිළිගැන්වීමත්, අටපිරිකරක් පූජා කිරීමත්, උපාසක අයට සිල් රෙදි පූජා කිරීමත්, පත්තිනි දේවියට පුද පූජා පැවැත්වීමත්, පින් දීමත් අපල අඩු කිරීමට හේතු වේ.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

2026 වසරේ ලග්න පලාපල – වෘශ්චික ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කුම්භ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මකර ලග්නය
2026 වසරේ ලග්න පලාපල – ධනු ලග්නය
2026 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – කන්‍යා ලග්නය
2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය
2026 වසරේ ලග්න පලාපල – වෘෂභ ලග්නය
2026 වසරේ ලග්න පලාපල – මේෂ ලග්නය